දේවගැති ජෙරම් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *