ජලය විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා

ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අය වැයේ තියෙන්නේ යළි පුබුදමු ශ්‍රී ලංකා රට විකුණන වැඩ සටහන බව කී හේරත් මහතා එහි තිබෙන්නේ විකුණන් කෑම සහ බදු ගැහිල්ල පමණක් බව සඳහන් කළේය.

2023 නීල හරිත ආර්ථිකයක් කරන බවත් ඩිජිටල් ආර්ථිකයක් ගෙනෙන බවත් පෙර අයවැයෙන් කිව්වත් ඒ එකෙක්වත් මහපොළොවේ සිදු වුණේ නැතැයි කී විජිත හේරත් මහතා රටේ ජල සම්පතත් විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ඉදිරියේ දී ආණ්ඩුවට විරුද්ධව අධිකරණ තීන්දු පමණක් නොව ජනතා තීන්දු ලැබෙන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *