ජනපති ලෝක නායක හමුවක් අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත ය.

දෙවැනි වරට පැවැත්වෙන මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මාලදිවයිනේ අභිනව ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *