කැබිනට් අනු කමිටුව ICC යෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් අදාළ ඉල්ලීම සිදුකළ බවයි අද (17) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමටද එම අනු කමිටුවට බලය පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *