ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට මුළු පාර්ලිමේන්තුවම එක් විය යුතුයි – බලශක්ති අමාත්‍ය

ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට මුළු පාර්ලිමේන්තුවම එක් විය යුතු බව බලශක්ති අමාත්‍ය කංචන ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) ප්‍රකාශ කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන වශයෙන් භාවිතා නොකරන්නැයි තමා ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
රටට ජාත්‍යන්තර ප්‍රශ්න ඇති කිරීමට මෙම පාර්ලිමේන්තුව භාවිතා නොකළ යුතු යැයිද හෙතෙම කීය අද පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය
වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ,ක්‍රිකට් තහනම ඉවත් කර නොගතහොත් එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙන ඩිවිෂන් 1 තරගාවලියට සහභාගී වීමට ඉඩ නොැලැබෙන බවයි.
හුග දෙනෙක් හිතනවා තහනම් කරල හරි මෙම පරිපාලන ගැටලුව විසඳගන්න පුළුවන් වෙයි කියලා.නමුත් එවිට අපේ ක්‍රිඩකයන්ට එම අත්දැකීම හම්බවෙන් නැහැ. ඉදිරියට යන්න බැහැ.ජනාධිපතිවරයා කැබිනට් අනුකමිටුව පත් කරලා අපට වගකීමක් ලබා දුන්නා. මෙම කමිටුවේ වගකීම තමයි, ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන ගැටලුවත් ඉදිරියේදී ඇති විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ලබා දීම. මෙම ප්‍රශ්නය දේශපාලනයට ඈඳා නොගන්නැයි තමා ඉල්ලා සිටින බවද කීය.