සියලු දෙනාටම පුළුවන් දැන් ආර්ථිකය විනාශ කරපු අයගෙන් වන්දි ඉල්ලන්න – විපක්ෂ නායක

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කළ කණ්ඩායමට, දැන් සමස්ත සමාජයටම ආර්ථිකය විනාශ කිරීම වෙනුවෙන් වගකියන්නට සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එබැවින් රටේ සියලු පුරවැසියන්ට දැන් එම කණ්ඩායමෙන් වන්දි ඉල්ලීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රා​ජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් රටේ ආර්ථිකය අර්බුදයට වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ගැන අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *