වැල්ලම්පිටිය පාසලේ අනතුර ගැන විමර්ශනයක්

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *