පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම්වලින් කෝටි 22 ක දඩ මුදලක් අය කර ගනියි

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර ඇති අතර එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *