ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි නඩුව සඳුදා කැඳවීමට නියෝග

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සඳුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සම සලකා බැලීම ලබන සඳුදා (20) තෙක් කල් තැබීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *