සීනි තොග සඟවා ඇති ස්ථාන සොයා මෙහෙයුම්

නීති විරෝධි ලෙස සඟවා තබා ගෙන ඇති සීනි තොග සිය භාරයට ගෙන පාලන මිල යටතේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරීය පවසනවා.
පාරිභෝගික පනත යටතේ ඒ සඳහා ප්‍රතිපාදන පවතින බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව සීනි තොග සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීමට දීප ව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.