මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත් වෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (15) සිට ඩෙංගු මර්දන රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ පිළිබඳව සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *