කෝප් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට පිළිතුරු නොදෙන ලෙස ඉඟි කරලා – විපක්ෂ නායක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (14) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණයක් සිදුකළා.

ඊයේ (14) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රශ්න විමසන විටදී කමිටු සභාපතිවරයා විවිධ නිලධාරීන්ට පිළිතුරු නොදෙන ලෙස ඉඟි කරන ආකාරයෙන් හැසිරී ඇති බවයි ඔහු පවසා සිටියේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *