කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා – කෝප් කමිටුවේ සභාපති

”කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා ”යැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

ඊයේ (14) පැවැති කෝප් කමිටුව සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටුවේ සභාපතිවරයා මේ බව පැවසීය.

එහිදී අඳහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපතිවරයා;

ඊයේ ස්වාධීනව ආව පිරිසක් හිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරු ආවේ වෙන පරමාර්ථයකින්. අපිට කිසිම දේශපාලන පරමාර්ථයක් නෑ. කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා. අපි ක්‍රීඩා ඇමතිවරයාගෙ නම වත් කිව්වේ නෑ. මෙය ස්වාධීන කමිටුවක් ලෙස පවත්වාගෙන යාමේ වගකීම තිබෙනවා විපක්ෂ නායකතුමාටත් යැයි මන්තීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *