2024 අයවැය තුළ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරුණු නැහැ – මහාචාර්ය වසන්ත අතුකෝරල

2024 අයවැය තුළ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරුණු අන්තර්ගත නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

ඒ අනුව ආර්ථික ස්ථායිකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල නිසිලෙස දක්නට නොලැබෙන බවත් ආර්ථික වර්ධනය හා සංවර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක්ද ඒ තුළ යෝජනා වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමස්තයක් ලෙස 2024 අයවැය රට සුබවාදී තත්ත්වයට ගෙනයාමට අපොහොසත් වනු ඇති බවට පෙන්නුම් කරන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *