2024 අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක්, විරුද්ධවිය හැක්කේ පොදුජන පෙරමුණට පමණයි – රාජිත

2024 අයවැය එක්සත් ජාතික පක්ෂ අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව මෙම අයවැය සඳහා විරුද්ධවිය හැක්කේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙම අයවැය තුළින් සෑම ක්ෂේත්‍රයකට​ම යම් ප්‍රතිපාදනයක් ලබාදී ඇති බවත් මෙම අයවැය ලේඛනයේ වැරැද්දක් නොමැති බවද ඔහු සඳහන් කළා.

ඉඩම් ගැන යෝජනාව තමන් විසින් 2002 වසරේදී ගෙන ආ බවත් එම යෝජනාවම 2015 දී ගයන්ත මන්ත්‍රීවරයා විසින්ද ගෙන ආ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *