ඔක්තෝම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවයි

විදේශගත ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් මිලියන 517.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අමාත්‍යධුරයේ වැඩ භාරගත් පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා කාලයේ දී විදේශ ප්‍රේෂණ වශයෙන් ඩොලර් බිලියන 7.6 ක මුදලක් ලැබී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි
ඒ අනුව මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේදී ලැබී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 355.4 මුදලට සාපෙක්ෂව සියයට 45.63 ක වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම මෙම වසරේ මුල් මාස දහයක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4,862.5 එනම් බිලියන 4.8ක මුදලක් ලැබී තිබේ.
ඉකුත් වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2,929.4 ක් එනම් බිලියන 2.9 ක මුදලක් ලැබී තිබේ. ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස දහයක කාලයට සාපෙක්ෂව මෙම වසරේ මුල් මාස දහය තුල විදේශ ප්‍රේෂණ ලැබීම සියයට 66කින් ඉහළ ගොස් ඇත.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය