අතුරු කමිටු පත් කිරීම ගැන කැබිනට් තීරණයක් ගත්තේ නැහැ – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවැරදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ඉදිරි අතුරු කමිටු පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවැරදි කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එලෙස නිවේදනය කර තිබුණා.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබාදී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය පහතින්.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *