සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන්කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිම් යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරනවා. මෙය සම්බන්ධීකරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කණ්ඩායම් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කරනවා.

* ශ්‍රී ලංකා රේගු නීති නවීකරණයට පියවර ගන්නවා.

* රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීම සඳහා නව නීති ගෙන එනවා. එමෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නව නීති සම්පාදනය කරනවා.

* ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක්.

* තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට කටයුතු කරනවා. ප්‍රධාන ගෝලීය වෙළඳපොළවලට තරගකාරීව ඇතුළත්වීමේ හැකියාව ලැබෙනවා.

* තාක්ෂණික නවෝත්පාදන සභාවක් ඇති කිරීමට කටයුතු කරනවා.

* පළාත් සංචාරක මණ්ඩලය ශක්තිමත් කරනවා. රුපියල් මිලියන 750ක් වෙන්කරනවා.

* සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම දිගු කාලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වසරකට මිලියන 5ක සංචාරකයක් ගෙන්වා ගත යුතුයි. සංචාරක ක්ෂේත්‍රයට නව නීතියක් සකස් කරනවා. මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *