මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* අයවැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාවන් පාර්ලිමේන්තුවට වගකිය යුතුයි.

* රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කිරීමේදී දැඩි මූල්‍ය විනය ක්‍රියාත්මක කළ යුතුයි.

* පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථාන නගර ඉදිකිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනා.

* 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායමෙන් 50 % ක් පුණරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීම යෝජන කරනවා.

* පළාත් පාලන ආයතන දිරිමත් කිරීමේ පළමු පියවර ලෙස 2024 ජනවාරි 01 වනදා සිට මහ නගර සභාවල වැටුප් ගෙවීම සඳහා 80% ක මූල්‍යයනයක් ලබාදීම.

* ජාතික හා ජන සභා සම්බන්ධීකරණ කිරීම ​සඳහා ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 700 ක් වෙන් කරයි.

* මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ කටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *