පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.
* පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා.
* පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 4 ක් විශ්ව විද්‍යාල බවට පත් කිරීමට යෝජනා කරනවා.
* නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා.
* ඉදිරියේදී පළාත් සභා මගින් ද විශ්ව විද්‍යාල ඇති කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් හෝ තුන් ගුණයකින් වැඩිකිරීම අපේ අරමුණයි.
* රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයකට ගැලපෙන ලෙස වෙනස් කිරීමේ වැඩපිළිවෙල පේරාදෙණිය සරසවියෙන් ආරම්භ කරනවා.
* දැනට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා 9 යටතට පැවරීමට යෝජනා