නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීමට රුපියල් බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරනවා.

* කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීමට රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* ආබාධ හා වකුගඩු රෝගීන් සඳහා වන දීමනාව රුපියල් 5000 සිට 7500 දක්වා ඉහළ දමනවා.

* ග්‍රාමීය මාර්ග ප්‍රතිසංකරණය සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.

* ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි යළි ඇරඹීම සඳහා රුපියල් බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *