දීපවාලි විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති කාර්යාලයේ දී

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම සැමරුම් උත්සවය හින්දු චාරිත්‍රවලට මුල්තැන දෙමින් ඉතා සරල හා චාම් ලෙස පැවැත්විණි.
උත්සවයට සහභාගී වූ ජනාධිපතිවරයාව හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සවයට එක්ව සිටි සියලු හින්දු බැතිමතුන් වෙත දීපවාලි සුබපැතුම් පිරිනැමීය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජා යන මහත්වරුන් සහ හින්දු ආරාධිතයන් රැසක් ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *