ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3450 කින් වැඩි කිරීමට අපේක්ෂා කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2023 වසරේදී 95% ක් දක්වා අඩු කිරිමට අපේක්ෂා කෙරෙනවා.

* බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩි කිරිමට රුපියල් බිලියන 450 ක්.

* රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් 20% ක් උපායමාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබාදීමට යෝජනා කරනවා.

* ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3450 කින් වැඩි කිරීමට අපේක්ෂා කරනවා.

* රාජ්‍ය මූල්‍ය කළමණාකරණයේ යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීමට නව නීති.

* ආර්ථික සංවර්ධනයට ඉඩම් උපරිම ප්‍රයෝජන ගැනීමට නව නීති ගෙන ඒමට කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *