කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරනවා.

* ඉදිකිරීම් සමාගම්වලට එ​ම ඉඩම් ලබාදෙන අතර එහි පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් හෝ වෙනත් තැන​ක නව නිවා​ස ලබාදිය යුතු වෙනවා.

* සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජාතික සන්නාමකරණ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරයි.

* ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් අයවැයකරණය හඳුන්වාදීම හා ඊට අදාළ නීති සම්පාදනයට යෝජනා කෙරේ.

* අවතැන්වූවන් නැවත පදිංචි කිරීමට රුපියල් මිලියන 2000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරිම සඳහා තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කරයි.

* පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දෙනවා.

* යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *