කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ 53% කින් වැඩි කිරිමට කටයුතු කරනවා – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘති බෝග විවිධාංගීකරණය සඳහා අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.

* වී නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරනවා. ​ඒ සඳහා රුපියල් මිලියන 2500 ක් වෙන් කරනවා.

* මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා අක්කර ලක්ෂ 3 ක් වෙන් කරනවා.

* මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.

* පෞද්ගලික අංශයේද දායකත්වය ඇතිව කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ 53% කින් වැඩි කිරිමට කටයුතු කරනවා.

* දෛනික කිරි නිෂ්පාදන දිනකට ලීටර් මිලියන 20 ක් තෙක් ඉහළ නැංවීම යෝජනා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *