GMOA හා ජනපති අතර අද සාකච්ඡාවක්

බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අද (11) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රජය විසින් මෙතෙක් ලබාදුන් කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බවයි එහි සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ.