බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වලට වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
නැගෙනහිර පළාතතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේ සිට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.