තැපැල් වැඩ වැරුම නිමි

තැපැල් සේවකයන් ආරම්භ කර තිබු පැය 48ක සංකේත වැඩවර්ජනය අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

පසුගිය 8 දා තැපැල් සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කළ බවත්, එම ක්‍රියාමාර්ගය පෙරේදා (9) මධ්‍යම රාත්‍රියේ අවසන් කර, ඊයේ (10) සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදු කරන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.

වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී ඇති ලක්ෂ 10කට ආසන්න තැපැල් භාණ්ඩ ඊයේ දිනය තුළ බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *