ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය – 2023 නොවැම්බර් 13 – 14 දෙිදන

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය – 2023 බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී නොවැම්බර් 13 – 14 දෙිදන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මෙම ජාතික සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගී වීමට නියමිතය.

තෙවන වරට පවත්වන මෙම සම්මන්ත්‍රණය සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය මගින් සංවිධානය කරනු ලබයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු පර්යේෂකයින්ගේ, පර්යේෂණ ඉදිරිපත් කිරීමට හා ඒ පිළිබදව සාකච්ජා කිරීමට අවශ්‍ය වේදිකාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මේ සදහා සෞඛ්‍ය සේවාවේ සියලුම වෘත්තිකයින් සදහා අවස්ථාව ලබා දී ඇති අතර විදේශීය රටවල පර්යේෂකයින් මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙයි.

වාචිකව ඉදිරිපත් කරන පර්යේෂණ (Research) 95 ක් ද, පෝස්ටර් පර්යේෂණ 150 ක් ද මෙම දෙදින තුළ ඉදිරිපත් කර සාකච්ජාවට භාජනය කිරීමට සැලසුම් කර ඇත. සෞඛ්‍ය සේවාවේ නියුතු පර්යේෂකයින් වඩ වඩාත් පර්යේෂණ සදහා යොමු කිරීම මෙන්ම මෙහිදී තෝරා ගනු ලබන පර්යේෂණ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට යොදා ගැනීමට නියමිතය.

මෙම ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය සදහා සෞඛ්‍ය වෘත්තිකයන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයින්, පර්යේෂකයින්, අධ්‍යාපනඥයින් 700 ක් පමණ දෙනා සහභාගී වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *