ජපා­නයේ ලංකාජි විහා­රයේ වාර්ෂික කඨින පින්කම හෙට

ජපානයේ එකම ථෙරවාදී චෛත්‍යය පිහිටි සවාරාහි ලංකාජි විහාරයේ වාර්ෂික කඨින පූජා පින්කම හෙට (12) පැවැත්වේ. පින්කම සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බව ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සභාපති බානගල උපතිස්ස නාහිමියෝ පවසති.

මේ කඨින පින්කමට සහභාගිවීම සඳහා අස්ගිරි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ජපානයට වැඩම කළහ. ජපානය නොදා නුවර පදිංචි ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධාන දායකත්වය ජපානය වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම ජපාන බෞද්ධ ජනතාවගේ සහභාගිත්වයෙන් මේ පින්කම පැවැත්වේ.

කඨින පූජා මහා උත්සවය හා සපිරිකර සංඝගත දක්ෂිණාව, බෝධි පූජාව, අටවිසි ගිලන්පස බුද්ධ පූජාව හා ධර්මානුශාසනා දවස පුරා පැවැත්වෙන බව ලංකාජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *