මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අද (09) සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මත්පෙති 570,000 ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමග අදාළ සැකකරුවන් දෙදෙනා සිය භාරයට ගත් බවත් සැකකරුවන් වයස 33 ක් සහ 39 ක් වන නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *