පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ක්‍රිකට් පරිපාලනයට සාක්ෂි නොමැති චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ – සාගල

පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා ක්‍රිකට් පරිපාලනයට සාක්ෂි නොමැති චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ, ක්‍රිකට් සම්බන්ධයෙන් නොයෙක් චෝදනා එල්ලවන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

කිසිවෙකු වේදිකාවේදී හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දේශපාලන වාසි තකා සාධාරණ හෝ සාක්ෂි නොමැති මුළුමනින්ම පක්ෂග්‍රාහී චෝදනා ඉදිරිපත් කළ විට, එය කම්පනයක් ඇති කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *