ක්‍රිකට් තහනමකට ලක්විය හැකි බවට සිදුකළ ප්‍රකාශවලට ක්‍රීඩා ඇමතිගෙන් පිළිතුරු

යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංගට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සාහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

දකුණු අප්‍රිකාව හා පාකිස්ථානයේ අතුරු පාලක කමිටුවක් හරහා පාලනය සිදුවන විට එය තහනම් නොකිරීමටත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට බලපෑම් කිරීමටත් ඇති ශක්තිය කුමක්දැයි ගැටලු සහගත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත්, ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *