ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සඳහා පැවති කුමන්ත්‍රණය දින දෙකක් තුළ අනාවරණය කරනවා – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ අනාවරණයක් සිදු කරන බව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සඳහා එක්තරා කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් පැවති බවයි ඔහු සඳහන් කරන්නේ.

කුමන්ත්‍රණය පැවති ආකාරය, ක්‍රිකට් පසුබෑමට ලක්කිරීමට කටයුතු කළ පුද්ගලයින් සහ කඩාකප්පල් කිරීමට කටයුතු කළ පුද්ගලයින් දින දෙකක් තුළ අනාවරණය කරන බවද ඔහු සඳහන් කළා.

අවසන් කාලයේ ක්‍රීඩකයින්ට මානසික පීඩනයක්ද පැවති බවත් පරාජයේ වගකීම තමන් භාරගන්නා බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *