සූදු ෂම්මි ද? රොෂාන් රණසිංහ ද? ජනපතිතුමාට තීරණයක් ගන්න පහසුයි – ක්‍රීඩා ඇමති

ක්‍රිකට් ආයතනයට සහාය දක්වන ඇතැම් නිලධාරීන්ද සිටින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
ඒ අනුව අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කර නොමැති බවට මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමද ගැටලු සහගත බවයි.
එසේ දැනුවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඊයේ (07) පැවති නඩු විභාගයේදී නීතීඥවරුන් එම නිවේදනයද වාසියට ලබාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ක්‍රිකට් අතුරු කමිටුව වළක්වාලමින් නිතුත් කළ තහනම් නියෝගය සඳහා යම් හෝ බලපෑමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ වග කිවයුතු නිලධාරියෙක් හෝ ජනාධිපති උපදේශවරුන් සිදු කරන්නට ඇති බවට ප්‍රකාශ කළ හැකි බවද ඔහු සඳහන් කළා.
සූදු ෂම්මිද රොෂාන් රණසිංහද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට පහසු බවයි බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.