සෑම ගමක් සඳහාම අස්වැසුම වෙනුවෙන් වෙනම නිලධාරියෙක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසනවා.
අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියකු පත් කිරීමටද එකඟතාව පළවී ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.