බස් රථ අනතුරකින් 13 ක් රෝහලට

මාපලගම සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් නාගොඩ ගල්අස්ස ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එකම දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *