කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 553 ක්

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ US International Development Finance Corporation හෙවත් DFC ය ඩොලර් මිලියන 553 ක මුදලක් ලබා දීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව කොළඹ වරායේ ගැඹුරු ජල බහාලුම් පර්යන්තයක් වන බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සහ ඉදිකිරීම සඳහා DFC හි මූල්‍යමය දායකත්වය ලබාදෙන බවයි සඳහන් වන්නේ.

එය පුළුල් ඉන්දු පැසිෆික් කලාපයේ නාවික ධාරිතාව පුළුල් කිරීමට, ශ්‍රී ලාංකිකයින්ට රැකියා උත්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට හේතුවන බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *