ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වන විවාදය ගැන තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අද (08) පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විවාදයක් විපක්ෂය ඉල්ලා සිටියා.

ඒ අනුව එම විවාදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පස්වරු 1.30 ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *