ICC CWC 2023 : ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 8 වන ස්ථානයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පසුබැස තිබෙනවා.
ඒ අනුව ප්‍රසාද ලකුණු 16 ක් ලබා ගනිමින් ඉන්දීයාව ප්‍රථම ස්ථානයේත්, ප්‍රසාද ලකුණු 12 ක් ලබාගත් දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ හා ප්‍රසාද ලකුණු 10 ක් ලබාගත් ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානයේ හා ප්‍රසාද ලකුණු 8 ක් ලබාගත් නවසීලන්තය සිව්වන ස්ථානයේ රැඳී සිටිනවා.
එසේම ප්‍රසාද ලකුණු 8 බැඟින් ලබාගත් පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය පිළිවලින් 5 සහ 6 ස්ථානවලත් ප්‍රසාද ලකුණු 4 බැඟින් ලබාගත් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව පිළිවලින් 7 සහ 8 ස්ථානවලත් රැඳී සිටිනවා.
නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 4 ක් ලබා 9 වන ස්ථානයේත් ප්‍රසාද ලකුණු 2 ක් පමණක් ලබාගත් එංගලන්තය 10 ස්ථානයේත් පසුවනවා.