මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා දැවැන්ත සහන රැසක් ලබාදේවි – මහින්දානන්ද

මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා ජනතාවට දැවැන්ත සහන රැසක් ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ අනුව මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවත් එහි ලකුණු ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ කිහිපදෙනෙක් කටයුතු කරනිමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒසේම හාල්, පරිප්පු, මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල මෙවර අයවැයෙන් අඩු කරීමටද යෝජනා කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *