පොහොර සඳහා ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීම අද

මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද (06) සිට ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1000 ක මුදලක් පළමු කොටස ලෙස මුදල් අමාත්‍යංශය විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ලබාදෙන මුදල් මඟින් පෞද්ගලික අංශයෙන් හෝ රාජ්‍ය අංශයෙන් තමාගේ අභිමතය පරිදි පොහොර මිලදී ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *