තෙල් සංස්ථා නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට

මේ සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (07) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.
එසේම හෙට (08) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.