ඩයනාගේ ගැටුම්කාරී සිදුවීම ගැන සොයා බැලීමේ කමිටුව අද යළි රැස්වෙයි

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු ගැටුම්කාරී සිදුවීම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කළ කමිටුව අද (06) රැස්වීමට නියමිතව තිබෙනවා.

එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ CCTV දර්ශන ද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කර තිබුණා.

පසුගිය දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගය පක්ෂයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *