විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිසට ඇප

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පැවැත්වූ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
අද (01) පෙරවරුවේ හොරගස්මුල්ල ප්‍රදේශයේ පැවැති විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතාවයක් අතරතුර ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණා.