විදුලි සේවකයින් අ​ද කොළඹට

සියලු විදුලි සේවකයින් අද (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බවයි එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.

ඒ අනුව අද දිනයේදී සියලු සේවකයින් කොළඹට ගෙන්වා දහවල් 12.00 ට විරෝධතාවක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *