විදුලි බිල ගෙවාගන්න බැරි මිනිහා නෙවෙයි මේ විරෝධතා කරන්නේ – රෝහිත

විදුලි බිලට එරෙහිව විරෝධතාවල නිරත වන්නේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි පිරිස් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙය දේශපාලන අරමුණකින් සිදුවන බවත් උද්ඝෝෂණවලින් සිදුවන්නේ තවත් විදුලිබිල වැඩිවීම බවයි.
පාරට බැස්ස පසු විදුලිබිල අඩු කරන ක්‍රමයක් කවුරුන් හෝ පවසන්නේ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද එයට සහාය ලබාදෙන බවත් විදුලි බිල වැඩි නිසා එය අඩු කරන ලෙස රජයෙන් සියලු දෙනා එක්ව ඉල්ලීමක් කළ යුතු යැයිද මෙහිදී මන්ත්‍රීවරයා යෝජනා කළා.