විදුලි බිලට එරෙහි විරෝධතාවක් අතරතුර පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පා ගමනක් අද (01) පෙරවරුවේ දිවුලපිටිය නගරයෙන් ආරම්භ වුණා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාව අතරතුර පුද්ගලයින් 6 ක් පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සහ හිමි නමක් ඇතුළු පුද්ගලයින් 6 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ කොළඹ විදුලිබල අමාත්‍යංශ දක්වා පා ගමන සැලසුම් කර තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *