වැඩිවූ විදුලි ගාස්තුවට එරෙහිව ප්‍රදේශ රැසක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (31) රාත්‍රියේ ද මහජන විරෝධතා පවත්වා තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර, ගාල්ල, බකමූණ, පණ්ඩුලගම, රඹුක්කන, වත්තල යන ප්‍රදේශවල විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවල සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.
මෙම මහජන විරෝධතා සඳහා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී ඇති බව වාර්තා වනවා.