රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට සිට සංකේත වැඩ වර්ජන මාලාවක් ආරම්භ කරයි

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් (02) ආරම්භ කරන බවයි සඳහන් වන්නේ.

හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බවත් අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වලත් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

08 වනදා වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාත්වල වන අත​ර, 09 වනදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේත්, 10 වනදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ද මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *